31st December 2024 17:03:23 Hours
ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ මූලික ආපදා ප්‍රතිචාර පුහුණු වැඩමුළුව 2024 දෙසැම්බර් මස 26 දින සාර්ථකව අවසන් කෙරිණි.
21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 04 දෙනෙකු සහ සෙසුනිලයන් 96 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 09 දින මෙම වැඩමුළුව ආරම්භ කරනු ලැබූ අතර, වැඩමුළුවේ ප්‍රථම ස්ථානය කපිතන් ජී.ආර්.එච්.ජේ. අරුණසිරි විසින් දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර්.එම්.එච්.පී.කේ රත්නායක විසින් වැඩමුළුවේ සමාප්ති දේශනය පවත්වමින් පාඨමාලාවට සහභාගී වූවන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය.