31st December 2024 07:33:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නික්මයාම සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 30 දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් පැවැත්විණි.
රථ පෙළපාලියක් සහ යතුරුපැදිකරුවන් පිරිවරාගනිමින් රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය නිරීක්‍ෂණය කරනු ලැබීය.
මෙම උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකරමින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියක් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ පීඨිකාව වෙත කැටුව යනු ලැබීය. පෙළපාලි අණදෙන්නා වශයෙන් කටයුතු කළ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් පෙළපාළිය පරීක්‍ෂා කිරීමට ප්‍රථම ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව වාර්තා කිරීමෙන් පසුව පෙළපාලිය පරික්‍ෂා කිරීම සිදුකෙරිණි.
ඉන් අනතුරුව, පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී ධුරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. පසුව, යුද්ධ හමුදා මූලස්ථානයේදී ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ ක්ෂේත්‍ර අණදෙන්නන් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.
හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී එතුමන්ගේ සුරතින් නව යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ධුරයේ වගකීම් භාරදෙනු ලැබීය. ඉන් අනතුරුව, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයක් ද ගනු ලැබිණි. පසුව, යුද්ධ හමුදාවේ කිර්තිමත් හමුදාධිපතිවරයෙකු වශයෙන් ධූරයෙන් නික්ම යන ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ඡායාරූපයක් යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී නිරාවරණය කරනු ලැබීය. අනතුරුව, ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත වීදි පෙළ සැදී ගෞරවාචාරය පුදකළ අතර එතුමන් වෙත සුබපැතුම් පිරිනැමීම සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ. යුද්ධ හමුදාවේ වෘත්තීයභාවය සහ කීර්තිය ඉහළ නංවමින් වසර දෙකකුත් මාස හතක කාලසීමාවක් පුරාවට එතුමන් දැක්වූ කැපවීම වෙනුවෙන් ‘ජය ශ්‍රී, ජය ශ්‍රී’ නාදයන්ද පැවැත්වීය.
එමෙන්ම, එදින සන්ධ්‍යාවේ මේට්ලන්ඩ් පෙදෙස බහුවිධ පහසුකම් සංකීර්ණයේදී හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.