Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2024 12:57:35 Hours

223 පාබල බලසේනාවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ආර් විජේරත්න යූඑස්පී ගේ මඟ පෙන්වීම යටතේ, 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.බී.එස්.යූ.කේ. ලියනගෙදර පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත ‘විඑස්අයිඑස්’ පරිගණක ආයතනයේ අධ්‍යක්‍ෂක ප්‍රසන්න විජේරත්න මහතාගේ අනුග්‍රාහකත්වයෙන් එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 21 දින මහදිවුල්වැව, සිංහපුර විද්‍යාවර්ධන විද්‍යාලයේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

වැඩසටහනේදී සිසුසිසුවියන් 134 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය අධ්‍යාපනික පාසල් උපකරණ ලබාදුන් අතර, එමඟින් ඔවුන්ගේ ඉදිරි ජිවිතය සාර්ථක කරගැනීම සඳහා අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීම වෙනුවෙන් සහයෝගය ලබාදීම මෙහි අරමුණ විය.