Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2024 13:01:40 Hours

12 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 23 දින පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් සහභාගී විය.

මෙම වැඩසටහනේදී දම්මින්න මහා විදුහල, අලවාකුඹුර මහා විදුහල, විශ්ව මිත්‍ර පෙර පාසල, අරුණ සිඟිති පෙර පාසල, දෙව්මිණි පෙර පාසල, පූර්ණිමා පෙර පාසල, පුබුදු පෙර පාසල, මිනිමුතු පෙර පාසල, දිප්ති පෙර පාසල සහ සමාධි පෙර පාසල යන පාසල් වල දරුදැරියන් වෙත ත්‍යග පිරිනමන ලදී.

මේජර් ජෙනරල් කුමුදු පෙරේරා (විශ්‍රාමික) සහ කුමුදු පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ‘ඇට්ලස්’ සහ ‘HEMAS OUTREACH’ යන පුද්ගලික සමාගම් විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, මෙම අවස්ථාවට 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ගුරුභවතුන්, ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.