Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2024 13:04:40 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් ශාන්ත මරියා දේවස්ථානයේ බැතිමතුන්ට ආහාර පාන ලබාදීමේ වැඩසටහනක්

නත්තල් දිනය වෙනුවෙන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන ගේ උපදෙස් මත 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.කේ.එස්.පී.එම්.ආර්.ඒ.බී. දොඩම්වල ගේ මඟපෙන්වීම යටතේ 10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.එච්. සුදුසිංහ ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් කඩෙයිකාඩු ශාන්ත මරියා දේවස්ථානයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහිදී, 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ, 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ 10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම දේවස්ථානයට පැමිණි බැතිමතුන් 750 දෙනෙකුට අවශ්‍ය ආහාර පාන සපයන ලදී.