Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th December 2024 17:25:07 Hours

යාපනය ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරින් හමුවීමට නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සංචාරයක නිරතවෙයි

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 දෙසැම්බර් මස 23 දින උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා සහ සහ යාපනයේ රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමන් හමුවිය.

මෙම සංචාරය අතරතුරදී, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ කලාපයේ සාමය පවත්වාගැනීම සඳහා යුද්ධ හමුදාවේ කාර්යභාරය ඔවුන් පැසසුමට ලක්කළේය. එමෙන්ම, අනාගතයේ සිදුකිරීමට නියමිත ව්‍යාපෘතීන් වෙනුවෙන් ද එම සහයෝගය ලබාදෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් සම්භාවනීය අමුත්තන් වෙත සුහඳත්වයේ සංකේතයක් ලෙස එහිදී සමරු තිළිණ පිරිනමනු ලැබීය.