Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2024 16:18:58 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් හමුදා සාහිත්‍යය පිළිබඳ මනෝවිද්‍යාත්මක දේශනයක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 18 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී මනෝවිද්‍යාත්මක දේශනයක් පවත්වන ලදී.

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවයේ නියුතු ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චාමින්ද ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් ‘යුද සාහිත්‍යය තුළින් රණවිරු අභිප්‍රේරණය’ මැයෙන් මෙම දේශනය පැවැත්වීය. දේශනයේදී, දරාගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සහ රණවිරුවන් අභිප්‍රේරණය කිරීම සඳහා හමුදා සාහිත්‍යයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.