Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2024 16:25:48 Hours

1 විශේෂ බලකා රෙජිමේන්තුවේ 36 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් සමරයි

1 විශේෂ බලකා රෙජිමේන්තුවේ 36 වන සංවත්සර දිනය එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.ඩී. මාසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 දෙසැම්බර් මස 10 දින පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය.

සංවත්සර සැමරුම් උත්සවයෙන් අනතුරුව, රණවිරු ස්මාරකය අභියසදී ආගමික වැඩසටහනක් සහ දිවංගත රණවිරුවන් සිහිකිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.