Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th December 2024 15:09:27 Hours

53 පාබල සේනාංකයේ ‘සේනාංකාධිපති අභියෝගතා කුසලානය’ සාර්ථකව අවසන්

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 12 සිට 15 දින දක්වා එම සේනාංක වොලිබෝල් පිටියේදී සේනාංකාධිපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය පවත්වනු ලැබීය.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වූ අතර අවසන් මහා තරඟය සඳහා 3 බලඇණිය ගජබා රෙජිමේන්තුව සහ 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා වොලිබෝල් කණ්ඩායම් තේරිපත්විය. තියුණු තරඟයකින් අනතුරුව ‘සේනාංකාධිපති අභියෝගතා කුසලානය’ දිනාගැනීමට 3 බලඇණිය ගජබා රෙජිමේන්තු වොලිබෝල් කණ්ඩායම සමත් වූ අතර 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා වොලිබෝල් කණ්ඩායමට අනුශූරතාවය හිමිවිය.

තරඟාවලිය පුරාවට කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයීමට ලක්කරමින් 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.එන්. ජයසුන්දර හොඳම ප්‍රහාරකයා ලෙසත්, සාමාන්‍ය සෙබල එන්.ඒ. බගවත්තගේ හොඳම පන්දු සකසන්නා ලෙසත් සම්මාන දිනාගත්හ. 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඩී.ආර්. කපුගමගේ තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.