Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2024 17:53:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 27 වන බලකාධිපති ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 12 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. පසුව, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ කාන්තා සෙබලියන් අනුස්මරණය කරමින් රණවිරු ස්මාරකය අභියසදී ඔවුන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

පසුව, නව බලකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.