14th December 2024 17:51:13 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අභිමානවත් 25 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ඒ.පී.ජී.ඩී.එස්. විජයතිලක ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 25 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සංවත්සර දිනයේදී මූලස්ථාන බලඇණිය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.