13th December 2024 15:45:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 10 දින කරන්දෙණියේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන්ව සරඹ භූමිය වෙත කැටුව ගිය අතර එහිදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.
පසුව, ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
අනතුරුව, සිය රාජකාරි විෂය පථය සහ රාජකාරි ස්වභාවය පිළිබඳව පැහැදිලි කරමින් භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.