Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2024 07:04:06 Hours

ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී, 2024 දෙසැම්බර් මස 09 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

11 පාබල සේනාංකයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ආඥාපතිතුමන්ව එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

එම නිල සංචාරයේදී ආඥාපතිතුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.