Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2024 13:57:24 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහා සභා රැස්වීම එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 01 දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මහා සභා රැස්වීම ආරම්භයේදී සිදුකරන ලද සුභසාධන වැඩසටහන් පිළිබඳව සමාලෝචනය කරන ලදී. අනතුරුව, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙනුවෙන් නිර්මාණය කරන ලද නිල ලාංඡනයන් ඉදිරිපත් කර නව නිල ලාංඡනයක් තෝරාගනු ලැබීය. පසුව ගර්භනී මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් සහ ජනවාරි මාසය සඳහා වාර්ෂික මහා සභා රැස්වීමේ කටයුතු සැලසුම් කරන ලදී.

එදිනම සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ සේවා වනිතා කාර්යාලය විවෘත කරන ලදී. ඉන් අනතුරුව, සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව නත්තල් උත්සවය වෙනුවෙන් නත්තල් ගසක් සාදා එය අලංකාරවත්ව සරසනු ලැබීය.

අනතුරුව, කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල දරුවන් එක්ව රසකැවිලි (waffle) සකසා සවස තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.

මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල දරුවන් සහභාගී විය.