Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2024 22:37:18 Hours

8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 13 දෙනෙක් සහ සෙසුනිලයන් 413 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාව ආලංකුලම ප්‍රදේශයේ ස්ථාපිත පාබල බලඇණි පුහුණු පාසලේදී 2024 දෙසැම්බර් මස 06 දින සාර්ථකව අවසන් කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය සිදුකරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සම්මාන සහ කුසලාන පිරිනැමිණි.

–දක්‍ෂතම වෙඩික්කරු - සෙ/516530 බළලත් නිලධාරි II එච්.ඒ.එන්.ඩී. හෙට්ටිආරච්චි ආර්එස්පී

–සෑම අතින්ම අතිශූර සිසුවා -සෙ/518411 සැරයන් ටී.එම්.එන්. බණ්ඩාර

–දක්‍ෂතම කණ්ඩායම -‘බී’ කණ්ඩායම

–දක්‍ෂතම පෙළ අණදෙන්නා -සෙ/526728 කෝප්‍රල් ඒ.ආර්. ප්‍රනාන්දු

–හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබළා -සෙ/519365 සැරයන් වී.ජී.ඒ. නිශාන්ත