Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2024 19:36:05 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික මහසභා රැස්වීම පැවැත්වේ

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම 2024 නොවැම්බර් මස 30 දින කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත ‘The Salute’ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කෙරිණි. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය.

මෙම රැස්වීම අතරතුරදී, 2021-2023 අපොස (සා/පෙළ) විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගනිමින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ එම රෙජිමේන්තුවට අයත් රණවිරුවන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ දූ දරුවන් 20 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. එමෙන්ම, ලුතිනන් කර්නල් එල්. ගුණතිලක ගේ ප්‍රධානත්වයෙන් “තෘප්තිමත් දෙමව්පිය දරු සම්බන්ධතාවයකට මනෝ විද්‍යාත්මක උපදේශණය” තේමාව ඔස්සේ දේශනයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.