Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2024 16:37:04 Hours

52 පාබල සේනාංකයේ ‘බලසේනා ඉදිරිපත් කිරීමේ තරඟය’ පැවැත්වෙයි

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සංකල්පයකට අනුව 2024 නොවැම්බර් මස 30 දින එම සේනාංකය වෙතින් ‘බලසේනා ඉදිරිපත් කිරීමේ තරඟය’ පැවැත්වීය.

52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ කථන හැකියාව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුම සහ ඉදිරිපත් කිරීමේ කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම තරඟයේ ප්‍රථම ස්ථානය 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවටත්, දෙවන ස්ථානය 4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටත් හිමිවූ අතර තෙවන ස්ථානය 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් හිමිකරගනු ලැබීය.

නිලධාරීන් 50 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟයට සහභාගී වූ අතර, විවිධ ඉදිරිපත් කිරීම් සඳහා සවන් දීම තුළින් ඔවුන් විශාල දැනුමක් සහ අත්දැකීම් ලබාගත්හ.