Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2024 17:09:15 Hours

උසස්වීම් ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

උසස්වීම් ලද ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.එස්. ෆොන්සේකා යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2024 නොවැම්බර් මස 28 දින පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය. උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී පැවති සුහඳ තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව එතුමන් බලකාධිපතිතුමන්ගේ කාර්යාලයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී හමුවිය.