30th November 2024 14:20:47 Hours
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 නොවැම්බර් 29 වන දින පේදුරුතුඩුව - වෙට්ටාලෙයිකර්නි මාර්ගයේ පාලමක් ප්රතිසංස්කරණය කරන ලදී.
522 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත පුදුක්කාඩු සිට මරදන්කේනි දක්වා දිවෙන මෙම පාලමේ පහළම අධියර සහ මාර්ගය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්රියාත්මක කෙරිණි. අධික වර්ෂාව නොතකමින් මෙම පාලම ශක්තිමත් කිරීමට සහ ප්රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වැලි කොට්ට 400 ක් ඇතිරීමට භටපිරිස් කටයුතු කළහ.