29th November 2024 19:15:57 Hours
Grand Kandyan හෝටල් කළමණාකාරීත්වයේ ඉල්ලීමකට අනුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 නොවැම්බර් මස 25 දින එම හෝටලයේ සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් අභිප්‍රේරණ සහ කළමනාකරණ දේශනයක් පවත්වන ලදී.
මෙම දේශනය සඳහා Grand Kandyan හෝටලයේ විධායක නිලධාරීන් 94 දෙනෙකු සහභාගි වූහ. මෙම දේශනය සමාප්තියේ, ලංකා හෝටල් සංගමය වෙතින් සේනාංකාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් පිරිනමනු ලැබීය.