Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2024 18:04:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ගස් කපා ඉවත් කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ගේ මඟපෙන්වීම මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 2024 නොවැම්බර් මස 28 දින ස්ථාන දෙකක ගස් කඩාවැටීමෙන් සිදු වූ මාර්ග අවහිරතාවයන් වළක්වාලමින් එම ගස් කපා ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.

211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව විලේවැව මාර්ගයේ නානුමිල්ලෑව හන්දිය අවහිර කරමින් වැටීතිබූ තිබූ ගසක් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

එමෙන්ම, 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් තලාව,එප්පාවල ඉහළවැව මාර්ගයේ බෝගොල්ලේගම ප්‍රදේශය වැටීතිබූ ගසක් කපා ඉවත් කරමින් ප්‍රදේශවාසීන්ගේ ගමනාගමන කටයුතු සඳහා පහසුකම් සලසාදෙනු ලැබීය.