28th November 2024 14:06:59 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්පාර, කොණ්ඩුවට්ටුවාන් ජලාශය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ දුෂ්කරතාවයන්ට මුහුණ පෑ අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා සහභාගී වන සිසු සිසුවියන්ට එම කටයුතු බාධාවකින් තොරව සිදුකරගැනීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදුන්හ. ඒ අනුව, විභාග අපේක්‍ෂකයින්ට අවශ්‍ය සහයෝගය තවදුරටත් සහතික කිරීම වෙනුවෙන් චදයන්තලාව, කොණ්ඩුවට්ටුවාන්, වීරයාඩි, කිලියෝදය සහ ආඩාල්ඔය ඉන්ධන පිරවුම්හල තුළ WMZ සන්නද්ධ රථ යොදවා තිබිණි.
මීට අමතරව, තවදුරටත් සිදුවිය හැකි හදිසි අවස්ථාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ට්‍රක් රථ සහ යුනිබෆල් රථ සමඟින් යුද්ධ හමුදා භටපිරිස් කොණ්ඩුවට්ටුවාන් ප්‍රදේශයේ සූදානම්ව පවති. එමෙන්ම, 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ඔලුවිල්, වීරයාඩි වැව් වේල්ල වැලි කොට්ට යොදා පිළිසකර කළ අතර ප්‍රදේශවාසීන් මුහුණදිය හැකි අවධානම අවම කිරීමේ අරමුණින් ඇළ මාර්ගය පිරිසිදු කිරීමට ද භටපිරිස් කටයුතු කළහ.