28th November 2024 11:34:19 Hours
මන්නාරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාය විසින් 1 බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 3 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 27 දින හානියට පත්ව තිබූ පෙරියකුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
3 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පෙරියකුලම් වැවේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානම වළක්වාගනු ලැබීය. එම අවධානම් සහිත ප්‍රදේශ වටා වැලි කොට්ට අතුරමින් අවදානම් තත්ත්වය වළක්වමින් ප්‍රදේශයේ වෙසෙන පවුල් සිය ගණනකගේ ආරක්‍ෂාව තහවුරු කළහ. ඔවුන්ගේ කාලෝචිත මැදිහත්වීම ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක් විය.
8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 26 දින මාතලේ, ඕවිලිකන්ද ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් දියත් කරමින් සිටි අවස්ථාවේ දී අධික වර්ෂාපතනය හේතුවෙන් නිවසක් කඩා වැටීමෙන් විපතට පත් නිවැසියන්ගේ ආරක්‍ෂාව තහවරු කළහ.
තවද, කිරිමැටියාව - මකුලේමඩ මාර්ගය අවහිර වන පරිදි කඩා වැටුණු දැවැන්ත ගසක් 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉවත් කරන ලදී. භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කරනු ලැබූ අතර, මහජනතාව වෙත අත්වන දුෂ්කරතාවයන් අවම කරමින් මෙම ප්‍රජා කටයුත්ත සිදුකරනු ලැබීය.