27th November 2024 12:51:12 Hours
මහනුවර ඩොල්ෆින් පිහිනුම් ඇකඩමිය වෙතින් පවත්වනු ලැබූ සමස්ත ලංකා පිහිනුම් තරඟයේ ත්‍යාග ප්‍රධානෝත්සවය 2024 නොවැම්බර් මස 24 දින හිල්වුඩ් විද්‍යාලයීය පිහිනුම් තටාක පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය. මෙම තරඟයන්ට දිවයින පුරා තරඟකරුවන් 1,568 දෙනෙකු සහභාගී වූහ. උත්සවය අතරතුරදී, මෙම අවස්ථාවට සුවිශේෂීත්වයක් එක්කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් දක්ෂතම පිහිනුම් ක්‍රීඩකයා වෙත විශේෂ තිළිණයක් ද ප්රදානය කරන ලදී.