Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2024 07:51:09 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 19 දින 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

එම ඒකක මූලස්ථානයන් වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරින් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, එම ඒකක අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන් සතු වගකීම්, කාර්යභාරයන් සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළහ. සංචාරය සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි භටපිරිස් ආමන්ත්‍රණය කර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.