19th November 2024 15:05:44 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සඳහා එක්වූ තරුණ නිලධාරීන් හත් දෙනෙකු වෙනුවෙන් පෙරියකඩ්ඩු, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 18 දින සිට නොවැම්බර් මස 12 දින දක්වා පවත්වනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 13 විසිර යාමේ උත්සවය පසුගියදා පැවැත්වූහ.
යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ වැඩබලන සේනාවිධායකතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයන්හි සියලුම අණදෙන නිලධාරීවරුන් ද සහභාගී වූහ.
එහිදී එම තරුණ නිලධාරීන් විසින් ‘Evolution of the Mechanized Infantry in Sri Lanka and the use of Mechanized tactics in future challenges’ යන මැයෙන් අවසන් ඉදිරිපත් කිරීම සිදුකර මනා ඵලදායි සැසියකින් එම ඉදිරිපත් කිරීම අවසන් කරනු ලැබීය.
අවසන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සහතිකපත් ප්රදානය සහ රෙජිමේන්තු ලාංඡන පැලඳවීම සිදුකරනු ලැබූ අතර, පාඨමාලාවේ සමස්ත හොඳම දක්ෂතා සැලකිල්ලට ගනිමින් කුසලතා අනුපිළිවෙලින් 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිනන් එච්.ආර්.පී.එම් හඳගම දක්ෂතම ශිෂ්‍ය නිලධාරී ලෙස තේරී පත් විය.