Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2024 19:25:56 Hours

පුනරීන් තීරණාත්මක සටනේ 31 වන සංවත්සරය සමරයි

පුනරීන් තීරණාත්මක සටනේ 31 වන සංවත්සරය 2024 නොවැම්බර් මස 11 දින සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් එම සටනේදී දිවිපිදූ, අතුරුදහන් වූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් සිහිපත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම සමරු වැඩසටහන් මාලාව පැවැත්විණි.

මෙම වැඩසටහන් මාලාවට සමගාමීව 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ අධීක්‍ෂණය යටතේ 552 පාබල බලසේනාවේ ද ආගමික වැඩසටහනක් පැවැත්වීය.

තවද, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් පුත්තූර් ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.