Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2024 15:46:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඒකකයන්හී සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 නොවැම්බර් මස 09 දින 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 4 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් වෙත සෑම කඳවුරු පරිශ්‍රයකදීම හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. මෙම සංචාරය අතරතුරදී, එතුමන් සමූහ ඡායාරූපයන් සඳහා පෙනීසිටීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයන් නිරීක්‍ෂණය කර භටපිරිස් ආමන්ත්‍රණය කළ අතර 5 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් ද රෝපණය කළේය. සංචාරය සමාප්තියේ එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.