12th November 2024 17:41:50 Hours
යුද්ධ හමුදා මුයිතායි කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය, පනාගොඩ යුද්ධ හමුදා බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 2024 නොවැම්බර් මස 10 දින පැවැත්වූ අතර, ඒ සඳහා රෙජිමේන්තු දොළහකට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 167 කට අධික පිරිසක් සහභාගී වී සිය දක්‍ෂතා ඉදිරිපත් කරන ලදී.
පිරිමි අංශයේ අවසන් තරඟයේදී රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනාගනිමින් අඛණ්ඩව තෙවැනි වරටත් විජයබාහු පාබල රෙජිමේන්තුව ශූරයන් බවට පත් විය. රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් ගජබා රෙජිමේන්තුව අනුශූරතාවය හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තෙවැනි ස්ථානය හිමිකර ගත්හ.
කාන්තා අංශයේ විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ජයග්‍රහණය හිමිකර ගත්හ.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කාර්යේ නියුතු අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහ යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.