Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2024 17:09:28 Hours

7 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

7 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් කැකිරාව, මහ අලගමුව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිවස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් 2024 නොවැම්බර් මස 03 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මේජර් ජෙනරල් අනිල් පීරිස් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ වෙසෙන රොහාන් ගුණසේකර මහතා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.