24th October 2024 17:21:51 Hours
දකුණු සුඩානයේ SRIMED දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතු 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ සේවය ඇගයීමට ලක්කරමින් 2024 ඔක්තෝබර් මස 17 දින දකුණු සුඩානයේ බෝර් ප්‍රදේශයේ පිහිටි එම රෝහල් පරිශ්‍රයේදී ඔවුන් වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක පදක්කම් පිරිනැමිණි.
එහිදී, 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසුනිලයන් 48 දෙනෙකු වෙත පදක්කම් පිරිනැමිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුමේ (UNMISS) අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරල් මොහාන් සුබ්‍රමනියන් ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම ඇගයීමට ලක්කළේය. ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය එළිදැක්වෙන සංදර්ශනයකින් මෙම උත්සවය සමාප්ත විය.