24th October 2024 18:58:15 Hours
ශ්‍රී ලංකාවේ නව ආග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කොළඹ ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2024 ඔක්තෝබර් මස 24 දින එතුමිය හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව අග්‍රාමාත්‍යතුමිය වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර, එතුමියගේ අනාගත කර්තව්‍යයන් වෙනුවෙන් සිය සුභාශිංසනයන් ද එක්කළේය. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සහ මව්බිමේ අභිවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාවේ සහයෝගය ලබාදීමට ද මෙහිදී එතුමන් පොරොන්දු විය.
සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.