Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2024 15:16:08 Hours

591 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 07 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 591 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 8 දෙනෙකු සහ භටපිරිස් 50 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 58 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. එහිදී, මුලතිව් වෙරළ තීරයේ මීටර් 1500 ක ප්‍රමාණයක් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරිණි.