Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2024 15:14:58 Hours

211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වප් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව කිරි බත් දන්සැලක්

211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තොම්බර් මස 17 දිනට යෙදෙන වප් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව එම බලසේනාව වෙතින් රුවන්වැලි මහා සෑ පුදබිමේදී කිරිබත් දන්සලක් පැවැත්වීය.

මෙම දන්සැල සාර්ථකව පැවැත්වීම සඳහා එම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ දායකත්වය හිමි වූ අතර දන්සැල සඳහා බැතිමතුන් 2500 කට අධික පිරිසක් සහභාගී වූහ.