23rd October 2024 15:27:32 Hours
591 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2024 ඔක්තෝබර් මස 10 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතිය පැවැත්විණි.
මෙහිදී ප්‍රදේශයේ රුධිර අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නිලධාරීන් සහ සෙසුනිලයන් 125 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.