Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2024 14:23:16 Hours

20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් පරිත්‍යාග වැඩසටහනක්

20 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 20 දින මොණරාගල, බඩල්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල් පරිශ්‍රයේදී පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 121 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ජී.එම්.එන්. සෙනෙවිරත්න යූඑස්පී සහභාගී විය.

මෙම වැඩසටහනේදී 'Hope for Life of Lanka' ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව පාසල් සිසුන් 108 දෙනෙකු සඳහා පොත් සහ පාසල් උපකරණ බෙදා දෙන ලදී. උත්සවය අවසානයේදී සහභාගි වූ සියලුම දෙනා වෙත දිවා භෝජන සංග්‍රයයක් ද පිරිනමන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ගුරුභවතුන්, පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.