Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2024 20:58:12 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ලෝක ළමාදින සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝබර් මස 12 දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ලෝක ළමා දින වැඩසටහනක් පවත්වන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම වැඩසටහන අතරතුරදී, ළමුන් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රියාකාරකම් හා තරඟ රැසක් පැවති අතර එම ළමුන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් ද බෙදාදෙනු ලැබීය. මේ අතර, ළමුන්ගේ පරිසරය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා පොල් පැළ බෙදාදීමක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ කුඩා දරුවන් රැසක් සහභාගි වූහ.