15th October 2024 11:26:19 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ජනසෙත ආයතනයේ ගරු තුසිත ප්‍රියංග පියතුමන් ඇතුළු නියෝජිත කණ්ඩායමේ සහයෝගය මත 2024 ඔක්තෝබර් මස 08 දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරු පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහනේදී පැළ 300 කට අධික සංඛ්‍යාවක් සිවිල් වැසියන් වෙත බෙදාදෙනු ලැබීය.