Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2024 19:06:36 Hours

553 පාබල බලසේනාව වෙතින් ධර්මපුරම් රෝහලේදී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 553 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 10 දින ධර්මපුරම් රෝහලේදී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස්. මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර පවතින සබඳතා ශක්තිමත් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන සඳහා 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

එම ප්‍රදේශයේ රෝගීන් රැසක් වෙනුවෙන් සේවා සපයන මෙම රෝහල් පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සහ පිරිසිදු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබීය.

වැඩසටහන සමාප්තියේ රෝහල් බලධාරීන් යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ කැපවීම පිළිබඳව සිය කෘතඥතාව පුදකළහ.

සෞඛ්‍ය සේවා පහසුකම්වල තත්ත්වය වැඩිදියුණු කිරීම මඟින් රෝහල් කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබඳව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.