Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2024 15:42:35 Hours

ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සතුටු ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමේ

75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 04 දින සාලියපුර සතුට ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

දිවා භෝජන සංග්‍රහයට අමතරව එම ළමුන්ගේ යහපැවැත්ම සහ සනීපාරක්‍ෂාව තහවුරු කරමින් එම ළමා නිවාසය වෙත පරිත්‍යාගයන්ද සිදුකරන ලදී. මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.