Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2024 18:18:26 Hours

5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ අධීක්‍ෂණය යටතේ නව නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 06 දින ආරම්භ කරන ලදී.

එම ව්‍යපෘතියේ තවත් අදියරක් ලෙස කොස්ගම ප්‍රදේශයේ ජීවත් වන සැරයන් ඩබ්ලිව්.එස්. විතානගේ වෙත ඉදිකරදෙනු ලැබූ නව නිවස 2024 ඔක්තෝම්බර් මස 04 දින 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් යූ.එන්.ටී.සී. ධර්මසිරි ආර්ඩබ්ලිව්පී සහ එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් එක්ව සිටියහ.