Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2024 13:07:39 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ පැවති සංගීත ප්‍රසංගයට සහභාගීවේ

‍එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වදිමින් තුවාල ලැබ මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනය තුල නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් උපහාර පීදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය 2024 ඔක්තෝම්බර් මස 08 දින මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනය වෙත පැමිණියහ.

‍මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනය වෙත සපමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිතුමියව නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

‍මෙම වැඩසටහන අතරතුර, එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ ප්‍රීති ප්‍රමෝදය වෙනුවෙන් පැවති යුද්ධ හමුදා අධිරිද්ම සංගීත කණ්ඩායම සමඟින් ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවති සජීවී සංගීත සංදර්ශන, විනෝදාස්වාද වැඩසටහනක් සහ රෝද පුටු නර්තන වැඩසටහනක් ඇතුළු වැඩසටහන් සඳහා මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් 75 දෙනෙකු සහභාගී වූහ.

‍උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

‍මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.