06th October 2024 13:56:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා දැල්පන්දු කණ්ඩායම 2024 සැප්තැම්බර් මස 28 දින පනාගොඩදී පැවති අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාවලිය - 2024 ජයග්‍රහණය කිරීමට සමත් විය.
අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 'ඒ' කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය කරණ ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
මෙම තරඟාවලිය සඳහා විවිධ යුද්ධ හමුදා රෙජිමේන්තු නියෝජනය කරමින් කණ්ඩායම් පහක් සහභාගී විය. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සහභාගී වූ සියලුම දෙනාට සුබ පැතුම් එක් කළ අතර තරඟාවලියේ දක්ෂතා දැක්වූ අයවලුන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී. මෙම තරඟාවලියේ විශේෂ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.කේ.එස්.පී සේනාරත්න නෙට්බෝල් රැජීන ලෙස කිරුළු පැලඳ වීම සිදුවිය.
තරඟාවලියේදී පහත පරිදි සම්මාන හිමිකරගන්නා ලදී: