Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2024 17:14:00 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි රාජකාරි අරඹයි

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රශාදිනී රණසිංහ මහත්මිය ධූරයෙන් නික්ම යාමෙන් අනතුරුව අභිනවයෙන් ධුරයේ රාජකාරි කටයුතු භාරගත් හංසිකා මහලේකම් මහත්මිය වෙත රාජකාරි භාරදීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 29 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.