Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2024 17:45:50 Hours

කොක්නහර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත අම්පාර කොක්නහර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 78 දෙනෙකු වෙනුවෙන් 2024 සැප්තැම්බර් මස 26 දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි. වත්මන් ලෝකය තුළ ඵලදායි නායකත්වයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කුසලතා, සාරධර්ම සහ ඉදිරි දර්ශනවලින් තරුණ මනස සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන්, එම විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු භවතුන් ද සහභාගි වූහ.