Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2024 17:50:43 Hours

241 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 28 දින අක්කරපත්තුව, පාලමුනේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ ඒකාබද්ධව භටපිරිස් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථකව සිදුකරනු ලැබීය.