Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2024 21:34:19 Hours

නව ජනාධිපතිතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාරගනී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් මස 23 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

උත්සව අවස්ථාව අතරතුරදී ජනාධිපතිතුමන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. එහිදී එම අවස්ථාවට වැඩම කරවා සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර නව ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද එක් කළහ.

“අපි නව පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතු බවත්, මෙම ඉලක්කය සපුරා ගැනීමට තමන් කැපවී සිටින බවත්, දේශපාලන ක්‍රමය කෙරෙහි ජනතාවගේ ගෞරවය සහ විශ්වාසය නැවත දිනා ගැනීමට අපි උපරිමයෙන් කටයුතු කරන බවත්” එහිදී නව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.