Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2024 18:42:29 Hours

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ සඳහා සුදුසුකම් ලබයි

කාම්බෝජයේ පැවති ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ හි සුදුසුකම් ලැබීමේ අවසන් වටයේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 10 දින පැවති අතර එහිදී, කාම්බෝජයට එරෙහිව ගෝල 4-2 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරන අතර සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිත ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’සඳහා ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කරනු ලබයි.

මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත පහත නම් සඳහන් යුද්ධ හමුදා සාමාජිකයින් එම තරඟාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලැබූහ.

• ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ එම්.ජේ.ආර්. මොහොමඩ්

• ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එස්. මධුෂාන් (භෞත චිකිත්සක)