18th September 2024 13:58:21 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම යටතේ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය මත 2024 ජූලි මස 6 දින නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
එම නිවාස ව්‍යපෘතිය මගින් ඉදිකර මාණ්ඩලික සැරයන් කේ.ඒ.මහානාම වෙත ලබාදුන් නව නිවස 12 ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 15 දින නිල වශයෙන් විවෘත කරන ලදී.
එම අවස්ථාවට 12 ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.