Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2024 16:07:32 Hours

‘8 වන ජාතික ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය’ හි ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘8 වන ජාතික ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 14 සිට 16 දින දක්වා යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ පිහිටි යාත්‍රා සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදාව, සීල් සමාජය, යුනිවර්සල් සමාජය, CINEC සමාජය සහ ශාන්ත බ්‍රිජට් සමාජය ඇතුළු විවිධ සමාජයන් සහ කණ්ඩායම් සහභාගි වූහ.

තරඟාවලියේදී කාණ්ඩ 9 ක් ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තරඟ වැදුණු අතර අඛණ්ඩව හයවන වරටත් සමස්ත ශූරතාවය දිනාගනිමින් පදක්කම් රැසක් දිනාගැනීමට ද ඔවුන් සමත්වූහ.

• රන් පදක්කම්: 8

• රිදී පදක්කම්: 5

• ලෝකඩ පදක්කම්: 6

තරඟාවලියේ සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 16 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙඩ්චුන්මනන් ඉලංගෝවන් මහතා සහභාගි විය. එමෙන්ම, ගෞරවනීය ආරාධිතයින් වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, උතුරු නාවික විධානයේ ආඥාපති සහ යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති සහභාගී වූ අතර යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන දක්‍ෂතාවයන් ඔවුන්ගේ ඇගයීමට ලක්කෙරිණි.